ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි.!

ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විතය.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටිති.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments