ජනපතිගේ තීන්දුව හමුවේ වෘතීයවේදීන් අඩියක් පස්සට ගනී.!

වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය ස්තුතිය පලකරනා බවයි.

පසුගිය කාලයේදී වෘත්තීයවේදීන්ගේ වැටුප බද්දට යටත් වීම හේතුවෙන් වෘත්තිකයන් විශාල පිරිසක් රට අත්හැර ගොස් ඇති බවත් එම බදු ක්‍රමය හේතුවෙන් වෘත්තියවේදීන් දැඩි අපසුතාවයකට පත්වූ බවත් ඔහු පැවසීය.

මේ හේතුවෙන් විවිධ උද්ඝෝෂණ සහ වැඩවර්ජන පවා සිදු කිරීමට සිදු වූ බවත් ඔහු සිහිපත් කළ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ වර්තමාන රජය මෙම බදු සීමාව වැඩි කිරීමට තීරණය කිරීම වෘත්තියවේදීන් ගැන අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න දෙස සිතා බලා ගත් තීරණයක් බැවින් එම තීරණය ඉතා වැදගත් බවයි.

මේ හේතුවෙන් වෘත්තියවේදීන් එකමුතුව රැස්වී මෙම බදු ක්‍රමය සාධාරණීකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමටත් ඉදිරියේදී බදු ක්‍රමය ලිහිල් කරන ආකාරය පිළිබඳව සහ පවතින බදු ක්‍රමය සාධාරණීකරණය කිරීම සඳහා ගන්නා පියවර පිළිබඳව දැනගැනීමටත් මෙන්ම තමන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය අවුරුදු දෙක තුළ විශාල බදු ප්‍රමාණයක් අයකර ඇති බැවින් එය අපේක්ෂිත බදු ආදායමද ඉක්මවා ඇති බවය.

බදු ක්‍රමය සාධාරණ වන තුරු වෘත්තියවේදීන් විසින් අඛණ්ඩව සටන් කිරීමට සූදානම් බව සඳහන් කළ චාරුදත්ත ඉලංගසිංහ මහතා නව බදු ප්‍රතිපත්තිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.