By unusuma.lk on
(LK time)ජනාධිපති අරමුදලේ කාර්යාලය මෙතෙක් පවත්වා ගෙන යනු ලැබූ කොළඹ 10, පිහිටි ලේක්හවුස් ගොඩනැඟිල්ලේ 3 වන මහලෙන් ඉවත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.
ඒ අනුව ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහල දක්වා ගෙන යන බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.
අද (01) දින සිට මෙම කාර්යාලය නව ස්ථානයේ ස්ථාපිත කිරීමට නියමිත අතර ජනාධිපති අරමුදලෙහි සේවා ලබාගැනීම සදහා අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට කිසිවකුගේ විශේෂ මැදිහත් වීමක් නැතිව පැමිණ අදාළ කාර්යය ඉටුකර ගත හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.
අවශ්‍යතාව අනුව සලකා බලා හැකි උපරිමයෙන් ජනතාවට සේවය කිරීමට ජනාධිපති අරමුදල ඉතා සක්‍රියව පවත්වා ගෙන යාමට කටයුතු කරන බවද ජනාධිපති ලේකම් කාර්යලය සදහන් කරයි.