By unusuma.lk on
(LK time)පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සාකච්ඡාවේදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවැළැක්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපනය කර මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවැළැක්වීම සඳහා කටයුතු කරනා ලෙස එහිදී අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
එම පරිශ්‍රයන් තුළ දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව වැඩපිළිවෙලක් සකස්කිරීමට ජනපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.