By unusuma.lk on
(LK time)2022 සිට 2024 සැප්තැම්බර් දක්වා තමාගේ පාලන කාලය තුළ වෛද්‍යාධාර ලබා ගැනීමට මහජන නියෝජිතයන් පෞද්ගලිකව විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැර අනෙක් සියලුම ඉල්ලීම්වලට ජනාධිපති අරමුදලේ පවතින ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි යූ. සරත් කෝන්ගහගේට ලංකා හොස්පිටල් රෝහලේ හදවත් සැත්කමක් සිදුකිරීමට රුපියල් ලක්ෂ 5ක්, බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ඊ.ඒ.ඉසුරු දේවප්‍රිය පෙරේරාට නවලෝක රෝහලේ හදවත් සැත්කමක් සිදුකිරීමට ලක්ෂ 10ක් ලබාදුන් බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. සී. මුතුකුමාරණට විෂන්කෙයා ආයතනයෙන් ශ්‍රවණ උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 4ක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ඒ. ජගත් කුමාරට ආසිරි රෝහලින් හදවත් සැත්කමක් සිදුකර ගැනීමට රුපියල් ලක්ෂ 10ක් ලබාදුන් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
එම පිරිසට අමතරව සිනමා නිළි මාලනී ෆොන්සේකාට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ගැනීමට චෙන්නායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා රුපියල් ලක්ෂ 50ක වෛද්‍යාධාර මුදලක් ලබාදුන් බවත් දේශීය කලා හා සිනමා ක්ෂේත්‍රයට දක්වන ලද විශේෂ කුසලතා පදනම් කරගෙන වෛද්‍යාධාර මුදල ලබාදුන් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.