අගමැතිනිය හා අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්.!

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung අතර හමුවක් අද (24) දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත් අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී සඳහන් කර ඇත.

එමෙන්ම ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධාරණය කර ඇත.

තවද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් අවධාරණය කළාය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments