රටේ පුළුල් පරිවර්තනයකට අගමැතිනි මුල පුරයි.!

ජනතාව ඉල්ලා සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් කිරීම අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

අධ්‍යාපනයේ පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත් පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු බවත් පෞද්ගලික උපාධි ආයතන නියාමනය සදහා ක්‍රමවත් වැඩපිළි වෙලක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත් එය ඉටු කිරීමට වත්මන් රජය බැදී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

රටේ වංචනික උපාධි ආයතන වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමත් ඒ සදහා වන නෛතික රාමුව සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයන් හි ගුණාත්මක භාවය ඉහල නැංවිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.