By unusuma.lk on
(LK time)අල්ලස් ලෙස රුපියල් 150,000ක් ඉල්ලා සිටි රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
විදුහල්පතිනිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේදී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සදහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.