By unusuma.lk on
(LK time)සිරකරුවන් 500කට අධික සංඛ්‍යාවක් අගුණ කොළපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියද ඒ අතරින් 75 දෙනෙකු පමණ සිර ඇඳුම් නොමැති වීම නිසා පෞද්ගලිකව සපයා ගත් ඇඳුම් භාවිතා කරන බව 2023 කරන ලද විගණන පරීක්ෂණයේදී හෙළිවී ඇත.
බන්ධනාගාර ආඥාපනතේ 54 ඡේදයට අදාළව 1956 සිදු කළ සංශෝධනයන්හි 223 පරිච්ඡේදයේ විධිවිධානවලට අනුව සෑම සිරකරුවෙකු සදහාම උප ලේඛන II හි දැක්වෙන විධිවිධානයන්හි පරිමාණයන්ට අනුව රජය මගින් අනුමත කරන ලද සිර ඇඳුම් ඇඳීම හා භාවිතා කිරීම කළ යුතු බව එම විගණන වාර්තාවේ සදහන් වේ.
සිරකරුවන්ට ලබාදී ඇති සිර ඇඳුම් පවා හොඳ තත්ත්වයේ නොමැති බවට නිරීක්ෂණය වූ බවද එම විගණන වාර්තා හෙළි කරයි.