ජීවිත තර්ජන සහිත නිලධාරීන් හඳුනා ගැනේ.!

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ ජීවිත තර්ජන පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.

අදාළ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත මෙන්ම බුද්ධි අංශ වෙතද යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවලට අනුයුක්ත බන්ධනාගාර නිලධාරීන් ජීවිත තර්ජනවලට මුහුණ දී ඇති අතර මේ පිළිබඳ සලකා බලා අදාළ වාර්තාව ලබා දී ඇත.

අක්මීමන තලගහ ප්‍රදේශයේදී හිටපු බන්ධනාගාර නිලධාරීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති අතර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා මේ වන විටත් ගිනි අවිද නිකුත් කර තිබේ.

දීර්ඝ කාලයක සිට බන්ධනාගාර නිලධාරීන් විවිධ ජීවිත තර්ජනවලට මුහුණ දෙමින් සිටින අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරකරුවන් රඳවා සිටින නිලධාරීන්ගේ ජීවිත තර්ජන ඉහළ මට්ටමක පවතී.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments