විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවදානය දිනාගත් ඉන්දු – පාකිස්තාන තරගය නැරඹීමට පෞද්ගලික ජෙට් යානා 15කින් ක්‍රීඩාලෝලීන් මෙරටට පැමිණ ඇත.
ඉන්දු – පාකිස්තාන තරගය (15) කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වු අතර ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටියේය.
වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පාකිස්තාන තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වු අතර එම ජයග්‍රහණයත් සමග ඉන්දීය කණ්ඩායම සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

