උණුසුම් වු සජිත්ගේ රැස්වීම.. පුද්ගලයෙක් අත්අඩංගුවට.!

ගොවි ගැටලු සාකච්ජා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී පැමිණ සිටි ගොවීන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් ගොවියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සුරියවැව අන්දරවැව ප්‍රදේශයේදී ගොවි ගැටලු පිළිබඳව සාකච්ජාවක් (15) ඊයේ පැවැත්විණ.

මෙම සාකච්ජාව අතරතුරදී වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අදහස් දැක්වීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

එම අවස්තාවේදී ගොවීන් පිරිසක් හූ කියමින් විරෝධය දැක්වු අතර පසුව ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයක් සමග ගොවීන් කිහිපදෙනෙකු එම ශාලාවෙන් එළියට ඇදගෙන ගියේය.

අනතුරුව ශාලාවේ සිටි පිරිස එළියට පැමිණි අතර පසුව කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව ගොවි සංවිධාන නියෝජිතයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Advertisements
Advertisements
4 Comments
Most Voted
Newest Oldest