වැඩබලන පොලිස්පතිට අනුමැතිය.!

රටේ නීතියට අනුව වැඩබලන පොලිස්පතිවරයා පත්කර දින 14කට වඩා වැඩි කාලයක් පවතින්නේ නම් ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුව ඇත.

ඒ අනුව අද (08) දින වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත.

පසුගිය සැප්තැම්බර් මස (27) වනදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව පත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව එම පත්කිරීම සිදුකර කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.