මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති මහාචාර්ය තිස්ස විතාරණ අද (13) අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 91 වන වියෙහි පසුවිය.
කලක් රෝගාතුරව සිටි මහාචාර්ය තිස්ස විතාරණ අද (13) දින උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
1974 වසරේදී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංවිධානය සහ ශ්‍රී ලංකා කොම්යුනිස්ට් පක්ෂයේ විවිධ තනතුරු හොබවා ඇත.

