අවසන් තීරණයට 27 සිට සූදානම්.!

දිවයිනේ පළාත් 09 කේන්ද්‍ර කරගනිමින් විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පතට අදාළ වාචික මහජන අදහස් ලබා ගැනීම ලබන (27) වැනිදා සිට ආරම්භ වේ.

පළමු වාචික සැසිය මධ්‍යම පළාත වෙනුවෙන් මහනුවරදී පැවැත්වෙන බවත් 077-2943193 යන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බවද මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

ලබන (31) වැනිදා ඌව පළාත වෙනුවෙන් මොණරාගලදී වාචික සැසි පැවැත්වීමට නියමිත අතර සබරගමුව පළාත වෙනුවෙන් රත්නපුරදී ජනවාරි (03) වැනිදා සැසිය පැවැත්වෙන බවද මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

දකුණු පළාත් සැසිය සහ වයඹ පළාත් සැසිය ජනවාරි (04) වැනිදා මාතරදී සහ කුරුණෑගලදී පැවැත්වෙන බවත් ජනවාරි (05) වැනිදා උතුරු මැද පළාත් සැසිය අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය.

ජනවාරි (06) වැනිදා උතුරු පළාත් සැසිය යාපනයේදී, ජනවාරි (08) වැනිදා නැගෙනහිර පළාත් සැසිය මඩකලපුවේදී, බස්නාහිර පළාත් සැසිය ජනවාරි (10) වැනිදා කොළඹදී පැවැත්වේ.

මහජන උපයෝගීතා කොමිසම සිය ප්‍රතියෝජනා කෙටුම්පත ඉදිරිපත් කරමින් සදහන් කළේ, පවතින තත්ත්වය තුළ විදුලිය ගාස්තු 11% කින් පමණ අඩු කළ හැකි බවයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.