මහජන මුදල් කෝටි 14ක් ගිල්ල ගොඩනැගිල්ල.!

රුපියල් කෝටි 14ක් වැය කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඉදිකළ සිසු නේවාසිකාගාරයක් පසුගිය 2017 වසරේ සිට වසා දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

රුපියල් කෝටි 14ක් වැය කරමින් ඉදිකළ මෙම සිසු නේවාසිකාගාරය ජලය නොමැති වීම හේතුවෙන් භාවිතයට ගතනොහැකිව වසා දමා ඇති බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.

කුච්චවේලි හි ඉදිකර ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ල කාමර දොළහකින් සමන්විත වන අතර ගොඩනැගිල්ල ඉදිකිරීමේදී කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් කර නැතැයිද විගණන වාර්තාව අනාවරණය කරයි.

නිසි සැලසුමකින් තොරව ඉදිකිරීම නිසා වසර හතකට අධික කාලයක් තිස්සේ එයට ස්ථිර ජල සැපයුමක් ලබා ගැනීමට අසමත්ව ඇති බවත් එහි ආධුනික සිසුන් 52කට නවාතැන් ගැනීමට සැලසුම් කර තිබූ බවද විගණන වාර්තාව අනාවරණය කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments