By unusuma.lk on
(LK time)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් “අප්‍රේල් (15) දින නිවාඩු දිනයක් බවට පත් කෙරේ” යන මාතෘකාව සහිත ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අප්‍රේල් (15) දින රජයේ නිවාඩු දිනයක් බවට රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවත් මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර එළඹෙන අප්‍රේල් (15) වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න අද (10) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.