“අනුර සමග මම හැප්පිලා තියෙනවා.. හැබැයි තුන්වැනි පන්තියේ අපහාස කර නෑ”

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමග වාද විවාද කර තිබෙන බවත් හැප්පිලා තිබෙන බවත් හැබයි එතුමා කවදාවත් තමාට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන බොරු ආරංචි පතුරවනවා. මේ අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පෝස්ටුවක මෙහෙම තිබුණා.

“ආරංචිය සුබයි. පිනා රට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71 යි. දැන් 100 යි.”

අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කරලා තියෙනවා. හැප්පිලා තියෙනවා. හැබයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කරලා නෑ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්නේ ඔබතුමාවත් විනාශ කරන්න.
මම මේ පෝස්ටුවෙන්ම ඊට අදාළ කරුණු ගෙනහැර දක්වන්නම්.

අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37 යි. හැබැයි මේ පුද්ගලයා එය බිලියන 71 ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100 ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුළ අප ණය ගත් බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා.

කිසිදු රටකට අපට ණයක් දීමට නීත්‍යානුකූල අයිතියකුත් නෑ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබේ අනුගාමිකයන් කිසියම් දවසක ඔබේ පක්‍ෂය බලයට පත්කරන්න හදන්නේ බොරුවෙන්ද.? ඒ ගැන සිතා බලන්න.”

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close