By unusuma.lk on
(LK time)මැතිවරණවලට නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යටතේ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම එම සන්ධානයෙන් ඉවත් වී පොදුජන එක්සත් පෙරමුණ යටතේ “පුටුව” ලකුණින් ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සදහන් කරයි.
“පුටුව” ලකුණින් ඉදිරි මැතිවරණ වලට තරග කිරීම ඒ සදහා පොදුජන එක්සත් පෙරමුණ තවත් පක්ෂ හා එක්ව නායකත්ව මණ්ඩලයක් යටතේ සංවිධානය වන බවත් තමන් ද නායකත්ව මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තෝරා පත්කර ගෙන ඇති බවද අනුර ප්‍රියදර්ශන යාපා සදහන් කරයි.
පොදුජන එක්සත් පෙරමුණ ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට හා පළාත් සභා මැතිවරණ වලට සූදානම් වන බවත් පසුගිය මහ මැතිවරණයට තරග වැදුණු ශ්‍රී.ල.නි.ප. කණ්ඩායම පසුගියදා රැස්වී සාකච්ඡා කොට මෙම තීරණ වලට එළැඹුණු බවද සදහන් කරයි.
මෙම පොදුජන එක්සත් පෙරමුණ මීට පෙර මැතිවරණ කිහිපයකට තරග කළ අතර පසුගිය 1994 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පැමිණියේද එම පෙරමුණ යටතේ තරග වැදීමෙන් බවද අනුර ප්‍රියදර්ශන යාපා සදහන් කරයි.