රනිල් අල්ලස් කොමිසමට කැඳවයි.. චාමරගේ දූෂණ නඩුවට රනිල්ගේත් සම්බන්ධයක්.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාට එරෙහිව සිදුකරනු ලබන විමර්ශණයට අදාලව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්නකිරීම සඳහා අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.

චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.

ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පැවසූ කරුණු මත ඔහු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු දන්නා බවටත් විමර්ශනයට අදාළ සිද්ධියට යම් අවස්ථාවක ඔහු ඊට මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රකාශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments