හර්ෂ උඩ තියාගෙන සජිත්ට දුවන්න දෙයි.. ජනපතිගෙන් සැර ප්‍රකාශයක්.!

රටේ ආර්ථිකය විනාශ වෙලා ජනතාව හාමතේ සිටින විට අගමැතිකම භාර නොගෙන බයේ දුවන එක සුබද.? අසුබද.? කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් අසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200ක් මේ වන විට අප ගෙවා අවසන් කර තිබෙනවා. ඒ ගැන දුක ද.? දැන් ආපසු ආධාර ලැබෙන විට නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි. ඒ ගැන දුක ද.?

හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ට මෙම ගිවිසුම් දෙක ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා. මේ පිළිබඳ දැන්ම හෙළි නොකරන ලෙස ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම දැනුම් දී තිබෙනවා.

ඒ අනිත් පාර්ශ්ව සමඟ ඇති කරගත් කොන්දේසි පිළිබඳව ඒ අය දැන ගන්නා නිසයි. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගිවිසුම් තුනම එකවර ඉදිරිපත් කරන්න කියලා කිව්වා. අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. නමුත් ඝානාව තවම එම කොන්දේසිවත් පිටතට ලබාදී නැහැ.

විශේෂයෙන්ම මෙම කරුණු සියල්ලම හර්ෂ ද සිල්වාගේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දෙනවා. එහිදී සියලු දෙනා සාකච්ඡා කර වාර්තාවක් සකස් කරන්න. ඔබතුමා හර්ෂ ද සිල්වාට ඊර්ෂ්‍යා කරනවද.? ඔහු මෙය සිදු කරනවාට අකමැතිද.? දැන් මෙතනට ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි.? හර්ෂ ද සිල්වාගේ කමිටුවට අප දෙපාර්ශ්වයම එකඟයි.

ඒ කමිටුව මොන අන්දමේ වාර්තාවක් සකස් කරයිද කියා අප දන්නේ නැහැ. අපට පක්ෂව එම වාර්තාව සකස් කරයිද, විරුද්ධව කරයිද කියා අප දන්නේ නැහැ. දැන් විවාද නොකර ඒ වාර්තාවට අනුව කටයුතු කරමු. ආචාර්ය හර්ෂ ද සිල්වා ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැනත් විවාදයක් අවශ්‍යද.? ඒ වගේම විපක්ෂයේ උපදේශක විදියට නාලක ගොඩහේවා පත් කරගෙන එක සැරයක් වැටුණු වලේ ආයෙත් වැටෙනවද කියා ඇසිය යුතුයි.”

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close