ආණ්ඩුව විසින් අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිරගත කිරීමට දරණ උත්සහාය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි රටේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.
“ලෝකයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙක් ජනාධිපති කෙනෙක් හැටියට විශ්ව විද්‍යාලයකට යාම සම්බන්ධයෙන් නඩුවක් පවරලා ඔහුව හිරේ දාන්න යන කුරිරු ආණ්ඩුව ගැන ලෝකෙට කියන්න හෙට අනිද්දාට අපි ලෑස්ති වෙනවා.”

