රනිල් පිල්ලයාන්ට ඇමතුමක් ගත් හේතුව හෙළිවෙයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසන්නේ අත්අඩංගුවේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට දුරකතන ඇමතුමක් ලබාදීමට උත්සාහ කළේ ඔහුට එල්ල වී ඇති චෝදනා දැන ගැනීමට බවයි. .

හිටපු ජනාධිපතිවරයා විසින් එම ඇමැතුම ලබා ගැනීමේදී නියමිත ක්‍රමවේදය අනුගමනය කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පිල්ලෙයාන් අත්අඩංගුවටගෙන ඇති බවට ඔහුගේ කාර්යාලය රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබුණ ද හිටපු මන්ත්‍රිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව ඔවුන් නොදැන සිටි බව ත් එම තොරතුරු ලබා ගැනීමට චන්ද්‍රකාන්තන්ගේ පාර්ශ්වය හිටපු ජනාධිපතිවරයාගේ සහාය ඉල්ලා තිබූ බව ත් එම කාර්යාලය පවසයි.

පිල්ලෙයාන්ගේ ආරක්ෂක අංශය රහස් පොලිසියේ සී.අයි. මාධ්‍ය හරහා අදාළ සම්බන්ධතාව ඇතිකර ගත හැකි බවට දැනුම් දුන් බව ත් ඒ අනුව ඔහු සමග කතා කිරීමට සුදුසු නිලධාරියාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින ලෙසට රනිල් වික්‍රමසිංහ තම ආරක්ෂක නිලධාරියාට දැනුම් දුන් බව ත් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොලිසියට දුරකතන ඇමතුමක් ලබාගැනීමට අවශ්‍ය වූ විට එය පොලිස් ආරක්ෂක තොරතුරු අංශය හරහා සිදුකිරීම සිරිත බවත්, අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුට කතා කිරීමට අවශ්‍ය වූ විට එම දුරකතන ඇමතුමට අවසර ලැබේද නැද්ද යන්න තහවුරු කර ගැනීම පළමුව සිදුකරන බව ත් එම කාර්යාලය කියයි.

මේ අවස්ථාවේද රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශය අදාළ රහස් පොලිස් නිලධාරියාට කතා කළ බව ත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවට දැනුම් දුන් බව ත් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය කියයි.

සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයා අඛණ්ඩ විමර්ශනයක් හේතුවෙන් දුරකතන ඇමැතුම සම්බන්ධ කිරීමට නොහැකි යැයි අදාළ නිලධාරියා නැවත ඇමතුමක් ගෙන රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශයට දැනුම් දුන් බවද එම කාර්යාලය සඳහන් කරයි.

පිල්ලෙයාන්ට දුරකතන ඇමැතුමක් ලබා දීමට ගත් උත්සාහය හේතුවෙන් රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිසිය නිකුත් කරන ලද නිවේදනයක සටහන් කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය පවසයි.

ආරක්ෂක නිලධාරියා මාරු කරන්නේ නම් එය කල් ඇතිව අදාළ ප්‍රභූවරයාට දැනුම් දීම ක්‍රමවේදය හා සිරිත බව ද එම කාර්යාලය කියයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments