කථානායක ධූරය අහිමි වූ රනිල්, අර්ධ ශතකයෙන් පසු අලුත් වැඩකට අතගහයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, සිය වසර 50 ක දේශපාලන ජීවිතය අළලා ස්වකීය චරිතාපදානය රචනා කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා 1973 වසරේ බියගම ආසන සංවිධායක ලෙස දේශපාලනයට පිවිස 1977 සිට 2022 දක්වා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය හැර අන් සියලු තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා ලෙස සැලකෙයි.

අවසන් වශයෙන් සිය දේශපාලනයේ වසර 43කට පසුව ඔහුගේ සිහිනය වූ මෙරට විධායක ජනාධිපති පදවියේ 2022 සිට 2024 දක්වා වකවානුව තුළ කටයුතු කිරීමටද අවස්ථාව හිමි විය.

රනිල් වික්‍රමසිංහ මහතා 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරූ අතර, ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු දැනට ජාත්‍යන්තර දේශකයෙක් ලෙස කටයුතු කරමින් සිටී.

දැනට මෙරට ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් අතරින් ජ්‍යෙෂ්ඨත්වය අතින් රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වන්නේ 1970 පාර්ලිමේන්තුවට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමැති වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට පමණි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.