රට නැතත් රනිල් වැල් පාලමෙන් ගොඩවුනා.!

කොළඹ අද (1) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‘ලංකා මාතාව වැල්පාලමින් එගොඩ කළා’ යැයි පැවසීම මිථ්‍යාවක් බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම වැල්පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා පමණක් බවයි.

පැරිස් සමාජය සමඟ අත්සන් කළ ගිවිසුම අන්තර්ජාලයට යොමු කර ඇති බවට පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළත් මෙතෙක් එය සිදුව නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙන බවද පැවසීය.

ජනතා නියෝජිතයන් වශයෙන් මෙවැනි ගිවිසුම් පිළිබඳ අනිවාර්යෙන් දැනගැනීමට අයිතියක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා අවධාරණය කළේ රට බංකොලොත්භාවයෙන් මිදුනා යැයි රජය සිදුකරනා ප්‍රකාශ මහජනතාව මුළා කරනා ප්‍රකාශ බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close