By unusuma.lk on
(LK time)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පසුගියදා ජනගත කළ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ හෙළිදරව්ව හුදු වංක ලියවිල්ලක් පමණක් බව එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සදහන් කරයි.
උදය ගම්මන්පිලට අවශ්‍ය වූයේ රවි සහ ශානි තනතුරු වලින් ඉවත්කර ගැනීම බවත් මේක ආත්මාර්ථකාම් ලියවිල්ලක් බවත් ගම්මන්පිල ජනතාව රැවටූ දේශපාලනඥයෙක් බවත් රටේ බහුතරය ගම්මන්පිලගේ හෙළිදරව්ව පිළිගන්නේ නැති බවද හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සදහන් කරයි.
දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය දැන් අපිරිසුදු වෙලා ඇති බවත් ලලිත් කුගන් නඩුව මේ වනවිට කරළියට පැමිණ ඇති බවත් එන්නැලිගොඩ, ලසන්න, රිචඩ් සොයිසා ඝාතන කරළියට ගේන බවද රන්ජන් රාමනායක සදහන් කරයි.
එම මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට සිදුවන බවත් රන්ජන් රාමනායක ස්ථානගත වෙලා ඉන්නේ මෙල්ල කරන්න නොහැකි දේශපාලන නායකයකු විදිහට බවත් කකුලෙන් අදින ගතියක් රන්ජන්ගේ නැති බවද රන්ජන් රාමනායක සදහන් කරයි.
තම පක්ෂයේ සැලුන් දොරක් නැති බවත් තියෙන්නේ පෙනේරයක් බවත් කුඩු හොරු, අපරාධකාරයෝ, කප්පංකාරයො. පාතාලයෝ, වැලි හොරු තම පක්ෂයට ගන්නේ නැති බවත් අලුත්ම කට්ටියක් විදිහට අලුත්ම ගමනක් යාමට සූදානම් බවත් තිත්ත ඇත්ත කියලා හිරේ යන්න වුණත් සූදානම් බවද රන්ජන් රාමනායක සදහන් කරයි.
මාතලේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ බව සදහන් කරයි.