By unusuma.lk on
(LK time)වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති, රවි කුමුදේශ් මහතා වැඩ තහනමකට ලක්ව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඔහු පවසන්නේ සිය වැඩ තහනමට එරෙහිව නීති උපදෙස් ලබාගනිමින් ක්‍රියාකිරීමට කටයුතු කරන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ මහතාගේ රාජකාරි වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
‘විවිධාකාරයෙන් ආයතන සංග්‍රහයේ වගන්ති පටලවමින් මගේ වැඩ තහනම් කළ බව දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියල්ලට හේතුව කට වැසීම සහ මර්දනය. රජයේ වැරදි පෙන්වාදීම, අරගල කිරීම මීට හේතුවී තිබෙනවා.
අපි වෘත්තීය සමිති ලෙස සහ පුරවැසියෝ විදිහටත් පැවැති සෑම රජයකටම එරෙහිව කටයුතු කළා. මගේ රාජකාරි තහනම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහටත් යම් ඉදිරි පියවරක් ගැනීමේ සූදානමක් තිබෙනවා’ යැයි ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.