By unusuma.lk on [last-modified] (LK time)
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන්නේ ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka Fund) සඳහා මේ දක්වා රුපියල් මිලියන 697කට අධික පරිත්‍යාග මුදලක් ලැබී ඇති බවයි.
ඉන් රුපියල් මිලියන 635ක් ලංකා බැංකු ගිණුම හරහා ද, රුපියල් මිලියන 61කට අධික මුදලක් මහ බැංකු ගිණුම් හරහා ද ලැබී ඇති බව ලේකම්වරයා පැවසීය.
මෙම මුදල රටවල් 33කට අධික සංඛ්‍යාවක දායකයින්ගේ විවිධ තැන්පතු 30,470ක් මගින් ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.






