ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට රතු නිවේදන.!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙනා අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33 කට අද (11) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කළේය.

එම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හාලි ඇල සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇල්පිටිය, බද්දේගම, නෙළුව සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

ඊට මතරව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහි පළමු මට්ටමේ නිවේදනයද බුලත්සිංහල, හොරණ, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, රුවන්වැල්ල, දෙහිඕවිට, යටියන්තොට, සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇලපාත, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඇහැලියගොඩ සහ කිරි ඇල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති ප්‍රදේශවල පදිංචි ජනතාව වෙත දැනුම් දී ඇත්තේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල ගෙවී ගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවත් දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල මිලි මීටර් 100 ඉක්වමු වර්ෂාපතනයක් ලැබී ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යණ සංවිධානය කියයි. මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳාහන් වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.