By unusuma.lk on [last-modified] (LK time)
පසුගිය දිනවල මුළු දිවයින පුරාම පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැනට පැන නැගී ඇති අනපේක්ෂිත හදිසි ආපදා තත්ත්වය නිසා විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට හැකිවන පරිදි පරිපූරක ඇස්තමේන්තුවක් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වු අතර එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
මෙම පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතු බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක යෝජනා කළේය.






