By unusuma.lk on
(LK time)වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබූ සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා සිය වැඩ බාරගත්තේය.
කෙසේවෙතත් මාස 3ක කාලයක් ඉක්ම යන්නටත් පෙර, ඊයේ දිනයේ ඔහු සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයා වෙත එවා ඇති බව වාර්තා වේ.
ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවකු වන අතර කැලණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ විද්‍යාර්ථියෙකි.
ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති ඔහු ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්ද වෙයි.
කෙසේවෙතත් සභාපතිවරයා ඉල්ලා අස්වීමට අදාළ නිෂ්චිත හේතුවක් වාර්තා වී නොමැත.