සියලුම මත්පැන් බලපත්‍ර අත්හිටුවයි.!

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ, මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම් සිල්ලරට මත්පැන් විකිණිමට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙන බවයි.

කෙසේවෙතත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරනු ලබන තරු පන්තියේ හෝටල් සහ ආපනශාලා සඳහා බලපත්‍ර නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර සංචාරක මණ්ඩලයේ අනුමැතිය හා සුරා බදු නිවේදන වලට අනුකූලව සැපිරිය යුතු අනෙකුත් සුදුසුකම් සහිත හෝටල් සහ ආපනශාලා සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිර්ණායකවලට අනුකූලව මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය මත නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

කෙසේවෙතත්, සුරා බදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර කිහිපයෙහි නිකුත් කළ සිල්ලරට මත්පැන් විකිණීමේ බලපත්‍ර හා සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් ඇති වී තිබූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සිල්ලරට මත් පැන් විකිණීමේ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටු වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.