By unusuma.lk on
(LK time)අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ආනයනික සහල් සඳහා පනවා ඇති තීරු බද්ද රුපියල් 15කින් අඩු කරන්නේ නම් උපරිම මිල යටතේ සහල් සිල්ලරට අලෙවි කිරීම සදහා ලබා දීමට හැකියාව පවතින බවයි.
ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට ආසන්න මුදලකට ජනතාවට ලබා දීමට ආනයනකරුවන්ට හැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා අදහස් දක්වමින් පැවසීය.
ආනයනික සහල් තොග වෙළදපොළට පැමිණෙන විට බෙදාහැරීම් ජාලය සඳහා කිලෝවකට 8%-10% අතර ප්‍රමාණයක වියදමක් දැරීමට සිදුවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.