By unusuma.lk on
(LK time)කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පසුගිය දින කිහිපයේදී සිදුකළ සංගණනයේදී ලබා ගත් දත්ත අනුව මේ වනවිට රට තුළ ප්‍රමාණවත් තරම් නාඩු සහල් තොග පවතින බවත් ඇතිව තිබෙනා සහල් හිඟය පෑමක් බවත් වාර්තා වෙයි.
වෙළඳ පොළේ සහල් අධික මිල ගණන් යටතේ අලෙවි වීම හරහා ජනතාව පීඩාවට පත්ව ඇති පසුබිමක රජය මැදිහත්ව මෙරට ප්‍රධාන සහල් මෝල් ගබඩා පරීක්ෂාවට ලක කළේ සහල් තොග පිළිබඳව දත්ත රැස් කිරීමේ අරමුණින්.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය දින කිහිපය පුරා පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක සහල් මෝල් පරීක්ෂා කිරීමට පියවර ගත් අතර, අද (28) දිනයේදීද හම්බන්තොට ප්‍රදේශයේ සහල් මෝල් ගබඩා පරීක්ෂා කරනු ලැබීය.
අද (28) කොළඹ දී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකම ලේකම් එම්.පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි වෙළෙඳ පොළේ සහල් මිල තීරණය කිරීමට වත්මන් රජය කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකමිවරයා එහිදී වැඩිදුරටත් පැවසූවේ එම පරීක්ෂකිරීම් හරහා රැස් වූ දත්ත වාර්තාව අද දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි.
මේ වනවිට අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් තොග වාර්තා ලැබෙමින් පවතින බවද වාර්තා වෙයි.