By unusuma.lk on
(LK time)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර කිරීමට අද (05) කටයුතු කළේය.
ඒ බස් රථ 03ක පරම අයිතිය හිමිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවක් මතයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
අදාල පිරිස විසින් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා දෙකකදී ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් වෙයි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.