සියදිවි නසාගත් රොබෝවරයාගේ සිරුර හමුවෙයි.!

දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු පළමු වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

නගර සභාවේ සේවය කළ රොබෝවරයාගේ සිරුර එම ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී සොයාගත් බව ගුමී නගර සභාව බලධාරීන් සදහන් කරයි.

නගර සභාවේ ලියකියවිලි එහාමෙහා රැගෙන යාමේ කාර්ය එම රොබෝවරයාට පැවරී ඇති අතර පඩිපෙළෙන් පහළට වැටීමට පෙර රොබෝවරයා එකතැන කැරකී ඇති බව නගර සභාවේ බලධාරීන් සදහන් කරයි.

මේ වනවිට සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළ කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර රැගෙන ගොස් ඇති බව කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close