By unusuma.lk on
(LK time)රබර් බුෂ් ඒකකයක් රුපියල් 350ක මුදලකට දේශියව මිලදි ගැනිමට හැකියාව තිබියදි එකක් රුපියල් 79,082ක් වැනි ඉතා ඉහළ මිලක් ගෙවා ආනයනය කර පොස්පෙට් සමාගම රුපියල් එක්කෝටි පනස්හත්ලක්ෂ, හතලිස්හයදහස් හාරසිය අසුදෙකක (15,746,482) අලාභයක් වි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවක සදහන් වේ.
ලංකා පොස්පෙට් සමාගමේ ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සදහා යොදනු ලබන මෙම රබර් බුෂ් ඒකක 81ක් ගබඩාවේ තිබියදි එම තොගය ශුන්‍ය බව දක්වමින් එකක් රුපියල් 79,082ක් වැනි ඉතා ඉහළ මිලක් ගෙවා රබර් බුෂ් 200ක් එසේ ආනයනය කර ඇත.
කෙසේ වෙතත් එලෙස මිලදිගත් රබර් බුෂ් තොගය ඉකුත් වර්ෂයේ 2024 අප්‍රේල් (01) වැනිදින වනවිටත් භාවිතයට නොගෙන ගබඩා ලේඛන තුළ ඇතුළත් කිරිමකින් තොරව ගබඩාවේ නිෂ්කාර්යව ඇති බවත් එම තොගය අමතර සම්බන්දතා ඇණ 198ක් ලැබි තිබුණද එම ඇණ වලින් අදාළ යන්ත්‍රයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.