ඇමරිකාවට පිළිතුරු දෙමින් රුසියාව ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටී.!

ඉන්දියාවේ නවදිල්ලියේ ආගමික නිදහස උල්ලංඝනය වන බවට ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් ඉන්දීය රජය විවේචනය කර ඇති පසුබිමක රුසියානු රජය එම ඇමරිකානු වාර්තාව සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියන් රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව විසින් මෙවැනි වාර්තාවක් නිකුත් කර ඇති බවයි.

රුසියාව චෝදනා කරන්නේ ඉන්දියාවේ හින්දු වැසියන්ගේ ජාතිකවාදී මානසිනත්වය සහ ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැති ඇමෙරිකාව ආගමික නිදහස සම්බන්ධව පදනම් විරහිතව චෝදනා එල්ල කරන බවය.

අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදී පක්ෂයක් වන අතර, ඔවුන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ හන්දු වැසියන්ගේ ජාතිකවාදී හැඟීම් ඉස්මතු කරමින් යැයි විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය ද චෝදනා නගා ඇති පසුබිමක  ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විවේචනය කිරීම, ඉන්දියාව අස්ථාවර කිරීමට සැලසුමක් බව රුසියාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close