රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක්.!

යුක්රේනයේ විදුලි බල පද්ධතිය ඉලක්ක කර රුසියාව හමුදාව විසින් කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් වෙත දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ කියෙව් නගරයේ ස්ථාන කීපයකටද රුසියානු හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් එම මිසයිල ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් සාර්ථකව විනාශ කරනු ලැබූ බවද කියෙව් නගරාධිපති විටාලි ක්ලිප්කෝ සදහන් කරයි.

මිසයිල ප්‍රහාර මාලාව ආරම්භ කිරීමත් සමග යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර කීපයක් ක්‍රියා විරහිත කිරීමට බලධාරීන් කටයුතු කළ බවත් එම ප්‍රහාර හේතුවෙන් යුක්රේනුවන් මිලියනයකට විදුලිය විසන්ධි වූ බවද නගරාධිපති විටාලි ක්ලිප්කෝ සදහන් කරයි.

කෙසේ වෙතත් එම ප්‍රහාර හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් දේපළ හානි වාර්තා වී ඇති බවද නගරාධිපති විටාලි ක්ලිප්කෝ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.