By unusuma.lk on
(LK time)වසර 5ක් රුසියානු සහ යුක්‍රේන සමාගම් අතර තිබූ ගිවිසුමක් අවසන් කරමින් රුසියාවේ සිට තම භූමි ප්‍රදේශය හරහා යුරෝපයට ගෑස් සැපයීම නවතා දමන බව යුක්‍රේනය සදහන් කරයි.
රුසියාව, යුක්‍රේනය හරහා යුරෝපා සංගමයේ රටවලට ගෑස් ප්‍රවාහනය කිරීම ආරම්භ කළේ 1991 වසරේදී වන අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව සිය භූමිය භාවිත කිරීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා තදබල විරෝධය පල කළේය.
යුක්‍රේන ජනාධිපති ව්ලොඩමියර් සෙලෙන්ස්කි ගෑස් සැපයුම් ගිවිසුම අහෝසි කිරීමෙන් යුරෝපා රටවලට ඇතිවිය හැකි බලපෑම අවම කරගැනීමට සූදානම් වීම සදහා යුරෝපා කොමිසමට වසරක කාලයක් ලබා දුන්නේය.
ඒ අනුව යුක්‍රේනය හරහා ගෑස් සැපයුම් අවසන් වුවද, යුරෝපා සංගමයේ රටවලට ප්‍රමාණවත් ධාරිතාවක් ඔවුන් සතුව ඇති බව යුරෝපා කොමිසම සදහන් කරයි.
කෙසේ වෙතත් යම් හෙයකින් යුක්‍රේනය ගිවිසුම් අහෝසි කළත්, කළු මුහුද හරහා නල මාර්ග ඔස්සේ හංගේරියාව, තුර්කිය සහ සර්බියාව යන රටවලට ගෑස් සැපයිය හැකිය.