සබරගමු සිසිවාගේ මරණය ගැන පරීක්ෂණ ත්‍රිපුද්ගල කමිටුවක් වෙත.!

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා එම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහගේ සභාපතීත්වයෙන්.

මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම සිසු සිසුවියන් 16 දෙනෙකුගෙන් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කරගත් බවයි පොලිසිය සදහන් කළේ.

අදාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකිරීම සඳහා ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ද පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබුණා.

පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ෂාන් නමැති මෙම තරුණයා සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදා රාත්‍රියේදීයි.

මිය ගිය චරිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා.

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත්, මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකයක් ඇතැයි පවසමින් එම සරසවියේම සිසුන් පිරිසක් ද සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණා.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments