සබරේ ශිෂ්‍ය පාතාලයට වැඩ වරදියි.!

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම පිළිබඳව සිය සම්මේලනය බලවත් කම්පනයට පත්වී සිටින බවය.

මෙම ඛේදජනක සිදුවීම නවකවධ ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා මතුවෙමින් ඇති බවද විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විවිධාකාරයේ අර්ථකථන පැතිර යන අතර, බොහෝ දෙනා චෝදනා කරන්නේ මෙම සිසුවාට නේවාසිකාගාරයේදී සිදු වූ නවකවද සිදුවීමක් හේතුවෙන් දැඩි මානසික කම්පනයට පත්ව සියදිවි නසා ගත් බවයි.

සමාජ මාධ්‍යවල පළ වූ එක් සටහනක සඳහන් වූයේ, “ශෝටක් ගහගෙන වැසිකිළියට ගිය හේතුවට 25ක පමණ ජ්‍යෙෂ්ඨ සිසුන් සමූහයක් පැමිණ, ඔවුන්ගෙන් 10ක පමණ පිරිසක් සියදිවි නසාගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවාව නිරුවත් කරලා රැග් කරලා තියෙනවා” යනුවෙනි.

තවත් සටහනක මෙසේ සඳහන් විය: “සබරගමුව කැම්පස් එකේ නේවාසිකාගාරයේදී වැසිකිළියට ශෝටක් ඇඳගෙන ගියා කියලා හැමෝම ඉස්සරහා නිරුවත් කරවලා නවක වදය දීලා තියනවා. ඒ ලැජ්ජාවට තමයි මෙහෙම දෙයක් කරගෙන තියෙන්නෙ. මේ ගැන කැම්පස් එකේ කිසිම කෙනෙක් දැනට කතා කරන්නෙ නෑ. මේ සිද්දිය යට ගහන්න හදන්නෙ හැමෝම.”

මෙම සටහන් මඟින් පෙන්නුම් කරන්නේ චරිත් නේවාසිකාගාරයේදී කොට කලිසමක් හැඳ සිටීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සියලු දෙනා ඉදිරිපිට නිරුවත් කිරීමට ලක් කර ඇති බවයි. මෙම සිදුවීම හේතුවෙන් දැඩි මානසික පීඩනයට පත් වූ චරිත් සිය නිවසට ගොස් දින කිහිපයකට පසු සියදිවි නසා ගත් බවට ඔහුගේ මාපියන් සහ නෑ හිතවතුන් චෝදනා කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ, මෙම සිසුවාගේ හදිසි මරණය සඳහා හේතු වූයේ නවක වදය ලබා දීම ද යන්න පිළිබඳව සහ එසේ නවක වදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් ද හඳුනා ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ය.

නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැත්තෙකු නවක වදය ලබා දීම සඳහා සහභාගී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන බව ත් අදාළ පුද්ගලයන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බව ත් ඔහු පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments