By unusuma.lk on
(LK time)මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු අයුරින් පහත වැටී ඇත.
2020 වසරේ පැවති මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස ඡන්ද 305,744ක් ලබාගත් අතර 2024 මැතිවරණයේදී ඔහුට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 145,611ක් පමණි.
ඒ අනුව පසුගිය 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද 160,133ක් මෙවර මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගෙන් ගිලිහී ගොස් ඇත.
පසුගිය මැතිවරණයේදී කොළඹ උතුර, මධ්‍යම, නැගෙනහිර, බටහිර ආදී ඡන්ද බල ප්‍රදේශ රැසක් සජිත් ප්‍රේමදාස නියෝජනය කරමින් සමගි ජන බලවේගය සතු කරගැනීමට සමත් වූ නමුත් මෙවර මැතිවරණයේදී එම බලකොටු සියල්ලේ බලය ජාතික ජන බලවේගය සතු කර ගැනීමට සමත් විය.