සජබෙ ඇතුළෙන් පුපුරයි.. “සජිත් උදේට එකක්.. රෑට තව එකක් කියනවා.. වැඩි කාලයක් යන්න කලින් ජනතාව හොද පාඩමක් උගන්වනවා”

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සමගි ජන බලවේග පක්ෂයෙන් තමාට තරග කිරීමට අවස්ථාව නොදුන් බව එම පක්ෂයේ පස්සර ආසන සංවිධායක සංජෙයි ලෙක්චුමනා චෝදනා කරයි.

සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම උදේට එකක් කියලා ආයෙත් රෑට තව එකක් කියන බව එම පක්ෂයේ පස්සර ආසන සංවිධායක සංජෙයි ලෙක්චුමනා සදහන් කරයි.

එක තීරණයක් නොමැතික හේතුවෙන් සමගි ජන බලවේග පක්ෂයට වැඩි කාලයක් යන එකක් නැති බවත් මේ පාර රටේ ජනතාව හොඳ පාඩමක් උගන්වන බවද ආසන සංවිධායක සංජෙයි ලෙක්චුමනා සදහන් කරයි.

සමගි ජන බලවේග ආසන සංවිධායකවරයා තවදුරටත් සදහන් කළේ,

“මම තමයි පස්සර ආසන සංවිධායක. මම ලොකු ප්‍රතිශතයකින් දිනලත් තියෙනවා. ඒත් දෙන්න බැහැ කියනවා. නායකතුමයි ඉන්න කණ්ඩායමයි උදේට එකක් කියනවා. රෑට තව එකක් කියනවා. දිගම්බරම් එයාගේ ගෝලයෙක් දාන්න ඕනේ කිව්වා. ඒක හින්දා මට පේන්නේ මේ පක්ෂේ වැඩි කාලයක් යන එකක් නැහැ. මේ පාර ජනතාව හොඳ පාඩමක් උගන්වලා දෙයි.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.