සජිත් ප්‍රේමදාස හොරුත් සමඟ වැඩ කරන්නේ නැති බවත් සජිත් ප්‍රේමදාස ජනතාව වෙනුවෙන් අනාගතයේදී හිටගෙන රට නිවැරදි මාර්ගයට ගෙනයන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව පරාජය කරන්න සියලුම කණ්ඩායම් එකතු කරන්න කටයුතු කරන බවත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී එකට වැඩ කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට තරග කර අත්දැකීම් තිබෙන නායකයෙක් බවත් ඔහු සම්බන්ධයෙන් වෙන කිසිවෙකු සහතික ලබාදිය යුතු නැති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ,
“සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට තරග කර අත්දැකීම් තිබෙන නායකයෙක්. ඔහු සම්බන්ධයෙන් වෙන කිසිවෙකු සහතික ලබාදිය යුතු නැහැ. එම සහතිකය ලබා දිය යුත්තෙ ජනතාවයි. ඔහු සිදුකරන වැඩ කොටස පිළිබඳව සහ ඔහුගේ දැක්ම ජනතාව පිළිගන්නවා.
ඒ වගේම සජිත් ප්‍රේමදාස හොරුත් සමඟ වැඩ කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව වෙනුවෙන් අනාගතයේදී හිටගෙන රට නිවැරදි මාර්ගයට ගෙනයන්න කටයුතු කරනු ලබනවා. එම සහතිකය ජනතාවයි ලබාදෙන්නේ. ඒ වගේම ඊළඟ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට බලය ලැබෙන බව විශ්වාසයි.
ඒ වගේම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යම් ආකාරයක ස්ථාවරයක සිටිනවා. එය බිම් මට්ටමේ ජනතාවගේත් අපෙක්ෂාවක්. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට වැඩ කිරිම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තින්දුවක් ගෙන තිබෙනවා.
පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරි මණ්ඩල දෙකම එය අනුමත කර තිබෙනවා. පක්ෂ දෙක ඉදිරියට වැඩ කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සියලුම සාකච්ඡා සාර්ථකයි. සමගි ජන බලවේගය වෙනුවෙන් එම සාකච්ඡා මෙහෙයවන්නේ සජිත් ප්‍රේමදාස මහතා. ඒ වගේම ආණ්ඩුව පරාජය කරන්න සියලුම කණ්ඩායම් එකතු කරන්නත් කටයුතු කරනවා. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී එකට වැඩ කරනවා.”

