By unusuma.lk on
(LK time)ඊයේ (17) නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මතු කළ කාරණාවක් අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
තමා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ බව ව්‍යාජ පුවත් පලවීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසූවේ තමා සාමාන්‍ය පෙළ විභායට පෙනී සිටියේ එංගලන්තයේදී බවයි.
“මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවා, ප්‍රාථමික අධ්‍යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත් , ද්විතීයික අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙනු ලබා ගත්තා, මම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගය කළේ නැහැ , මම ඉදිරිපත් කරන්න කැමති පාසලේ ප්‍රගති වාර්තාව..
කාලයක් කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදියට මෙන්ම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටියා ඒ සහතිකත් මම ඉදිරිපත් කර තිබෙනවා, අනතුරුව මම එංගලන්තයේ මිල්හෙල් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.
83/84 කාල වකවානුවේ මම The Oxford and Cambridge Schools Examination Board යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A2 B2 C 3 වශයෙන් ප්‍රතිඵල ලබා ගෙන සමත් වුණා.”