By unusuma.lk on [last-modified] (LK time)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
පක්ෂ දෙකේ එකතු වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ සහ ජාතික සංවිධායක සාගල රත්නායකගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් සියලුම සාකච්ඡා ඉහත ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන බවද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සඳහන් කරයි.






