රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම ගැන ජනපති කියයි.!

නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බව

නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බවත් 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් බවද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ

අද (11) පස්වරුවේ නුවරඑළිය නගරයේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහනට එක්වෙමින්

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“රට ගොඩනැගීම සඳහා අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඉතා දියුණු ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් අපි උපරිමයෙන් උත්සාහ දරමින් සිටිනවා. ඩිජිටල්කරණය, වාහන ඇතුළු අවශ්‍ය පහසුකම් ලබා දීම සිදු කරනවා.

මේ සියල්ල ලබාදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතුයි. රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. අපි රාජ්‍ය සේවයට ඉහළම වැටුප් වැඩි කිරීමක් සිදු කළා. වැටුප් වැඩිවීම සඳහා පමණක් රුපියල් කෝටි 33,000ක් අපි දරනවා.

රාජ්‍ය සේවය ආකර්ෂනීය ස්ථානයක් බවට පත් කිරීම මෙන්ම රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් ජීවිතයක් ලබා දීමේ අරමුණක් අපිට තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය අපේ රටේ පැවැත්මේ වැදගත් සාධකයක්.

ඒ වගේම පොලීසිය, ත්‍රිවිධ හමුදාව රටේ පැවැත්මේ ප්‍රධාන සාධකයක්. මම දන්නවා ඔබේ දීමනාවන්හි ගැටලුවක් තිබෙන බව. හමුදාවේ අයගේ ආහාර දීමනා, පොලිසියේ අයට අවදානම් දීමනාව, අපි මේ සියල්ල සමාලෝචනය කරමින් තිබෙනවා.

අපිට පොඩි කාලයක් ලබා දෙන්න. 2027 වසරේදී 03 වන වැටුප් වර්ධකය සිදු කිරීමෙන් පසුව අපේ අයවැය ලේඛනය පිළිබඳ අවධානය යොමු කරමින් ඉතිරි දීමනා ලබා දීම පිළිබඳ සැලකිලිමත් වෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments