By unusuma.lk on
(LK time)රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එළඹෙන නොවැම්බර් මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
ඒ අනුව රජයේ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් දීමනාව විශ්‍රාම වැටුපට එකතුවන බවත් මේ මාසය සඳහා වෙනම දීමනාවක් විදියට එය ලබාදනේන කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සදහන් කළේ,
“විශ්‍රාමිකයින්ගේ බරපතළ වැටුප් විෂමතාවයක් තියෙනවා කාලයක් තිස්සේ තියෙන එකක්. ඒ වැටුප් විෂමතාවය කෙටි කාලයක් තුළ එකවර විසඳන්න අමාරුයි. නමුත් රජය තීන්දු කළා විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක දීමනාවක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලබාදෙන්න.
මේ මාසේ (10) වනදා වෙනකොට විශ්‍රාම වැටුප ලබාදීලා තියෙනවා. ඒකට මේ රුපියල් 3000 ඇතුළත් වුණේ නැහැ. ඒ නිසා රජයේ විශේෂ වැඩපිළිවෙළක් යොදනවා මහ භාණ්ඩාගාරයේ මුදල් නිකුත් කරලා තියෙනවා. මේ රුපියල් 3000 දිමනාව අමතර දීමනාවක් ලෙස ලබාගන්න පුළුවන්.
විශ්‍රාමිකයින්ට එම දිමනාව ඉදිරි දිනවලදී මේ මාසය සඳහා දීමනාවක් ලැබෙනවා. ලබන මාසයේ ඉඳලා තමන්ගේ විශ්‍රාම වැටුපට මේ රුපියල් 3000 එකතු වෙනවා. අපේ රටේ රජයේ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් දීමනාව විශ්‍රාම වැටුපට එකතුවෙනවා. මේ මාසය සඳහා වෙනම දීමනාවක් විදියට එය ලබාදනේන කැබිනට් මණ්ඩලය තීරණය කළා.”