සහෝදරයාගේ නඩුව මාරුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා ඉල්ලයි.!

මිලියන 9ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ සහෝදරයා) ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරය වෙනත් අධිකරණයට මාරු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ සේවා කොමිසමින් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාන්වරයා එම ලිපියේ පෙන්වාදී ඇත්තේ, සැකකාර සළෝචන ගමගේ සිය සහෝදරයකු වන බැවින්, එම නඩුකරය තම අධිකරණයට විමසීමට හැකියාවක් නොමැති බවයි.

වෙනත් සුදුසු මහේස්ත්‍රාන්වරයකු පත් කර අදාළ නඩුව විභාග කිරීමට කටයුතු කරනා ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

සළෝචන ගමගේ සහ තවත් පුද්ගලයෙකු ඉකුත්දා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගනු ලැබූ ඉඩමකට අදාළ වන්දිය කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේදීය.

පසුව සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.